දඔදිව බුද්ධගයාවේ පිහිටි ඡය ශ්රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙයයි. සංඝමිත්තා රහත් මෙහෙනිය ශ්රී ලංක්වට වැඩම කිරිමෙන් පසුව දෙවන පෑතිස්ස රඡු විසින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදී. සිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු සහ දෙවන සති දෙක ගත කළේ ද එම ඇසතු වෘක්ෂය ළගය. එසේ උන්වහන්සේ ගත කළේ ඇසතු ගසට කෘත ගුණ සැළකීමටය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසාම, එය බෞද්ධයන්ගේ ගෞරවාධරයට පත්විය. ඇත්තවශයෙන්ම මෙම නාමයේ අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ග ඥානය අදහස් වන බව පැරණි පොතපතෙහි සදහන් වේ.
අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැදින්වෙන ස්ථානයේ ඇති පෞරානික බෝධින් වහන්සේ, ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වේ. එය ශ්රී ලංකාවට ගෙනෙන ලද්දේ ක්රි.පූ. 3 වෙනි ශතවර්ශයේදී මිහිදු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්රරමුඛ භික්ෂූණීන් විසිනි. එය එසේ ශ්රී ලංකාවට එවීමට මිහිදු හිමියන්ගේ උපදෙස් පරිදි ක්රියා කළේ, එකල ඉන්දියාවේ අධිරාජයාව සිටි මිහිදු හිමියන්ගේ සහ සංඝමිත්තා මෙහෙණියගේ පියා වූ ධර්මාශෝක අධිරාජයා විසිනි.
වන්දනා ගාථාව (Jaya Sri Maha Bodhiya Wandana Gathawa)
යස්ස මුලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤුතං සත්තා
වන්දේතං බෝධි පාදපං
ඉමේ ඒතේ මහා බෝධී
ලෝකනාතේන පූජිතා
අහංපිතේ නමස්සා
--------------------------------------------------------------------------------------------------------------------------------
මිරිසවැටිය -Mirisavetiya
ක්රි.පු.101 දී දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්යයි. 80 රියනක් උස වන අතර රජතුමාගේ ජය කොන්තය නිධන් කර සාදන ලදී. ක්රි.ව. 913-922 රජකළ පස්වන කාශ්යප රජතුමා විසින් ප්රතිසංස්කරණය කරන ලදී.
වන්දනා ගාථාව (Mirisavetiya Wandana Gathawa)
අභයරාජ වරේන සධාතුකං
සුනිධහිත්ව කතං සකුන්තං
සකල සත්ත හිතං පණමේ සදා
මරිචවට්ටික චේතිය මුත්තමං
--------------------------------------------------------------------------------------------------------------------------------
රුවන්වැලි මහා සෑය Ruwanwelisaya
දුටුගැමුණු රඡු විසින් කරවා ඇත වැඩ අවසන් කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසිනි. සතර බුදුවරුන් වැඩසිටි පාරිශූද්ධ භුමියක් වන අතරමෙම චෛත්‍ය මත බුද්ධ ශ්රී දේහය මොහොතක් දර්ශනය වු බව වංශ කථාවල සටහන් වේ. වට අඩි 100 ක් පමණ වන අතර ධාතු පරිනිර්වානයෙදී මෙම චෛත්‍ය මත බුද්ධ ශරීරය දර්ශනය වේ.
වන්දනා ගාථාව (Ruwanwelisaya Wandana Gathawa)
අට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
තං ගාමිණී රාජ කතං නමාමි
සුවණ්ණමාලී වරථූපරාජං
--------------------------------------------------------------------------------------------------------------------------------
ථුපාරාමය - Thuparamayaසම්මා සම්බුදු රඡාණන් වහන්සේගේ අකු ධාතුව දේවානම් පියතිස්ස රඡතුමා විසින් ථුපාරාමයේ තැන්පත් කළ බව වංශකතා වල සඳහන් වේ. මෙය ශ්රී ලංකාවට බුදුදහම ගෙන ඒමෙන් පසු ප්රථමයෙන් ඉදිකළ චෛත්යයයි.
වන්දනා ගාථාව ( Thuparamaya Wandana Gathawa)
පත්තප්පමාණං මුනිරාජධාතුයෝ
නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං
දේවාදිතිස්සේන කතං හි ථූපා
රාමාභිධානං පණමාමි භත්යා
--------------------------------------------------------------------------------------------------------------------------------
අභයගිරිය - Abhayagiriyaබුදුරඡාණන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කිරිමෙන් පසු සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. වළගම්භා රඡු ලක්දිව සිහසුන හිමි කර ගැනීමේ ප්රීතිය නිමිත්තෙන් අභයගිරිය ඉදිකළ බව වංශ කථාවල සඳහන් වේ. නිකාය භේධය ශ්රී ලංකාව තුල ආරම්භ වුයේ අභයගිරිය මුල්කරගෙන ය. මහායාන භික්ෂුන් මෙහි වාසය කලෝය. ගජබා, වෝහාරතිස්ස, සේන සහ මහා පැරකුම්භා රජතුමන් විසින් විවිධ අවස්ථා වලදී ප්රතිසංස්කරණය කළහ.
වන්දනා ගාථාව ( Abhayagiriya Wandana Gathawa)
කත නවමණිකම්මේ , ධාතුගබ්බේ සුරම්මේ
කනක වසභකුච්ඡිං, ධාතුයා පූරයිත්ව
විහිතමභයරඤ්ඤා, ධම්ම ලේඛං ඨපෙත්වා
අභයගිරිවිහාරේ , චාරුථුපං නමාමි
--------------------------------------------------------------------------------------------------------------------------------
ජේතවනාරාමය - Jetavanaramaya ක්රි.ව. 276-303 රජකළ මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටියෙහි කොටසක් ජේතවනාරාමයේ තැන්පත් කර ඇති බව විශ්වාසයක් ඇත. ලොව උසම හා විශාල තම චෛත්යය ද වේ.
වන්දනා ගාථාව ( Jetavanaramaya Wandana Gathawa)
පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං
තථෙව සම්බුද්ධ සරීරධාතුයෝ
මහාමහාසේන නරින්දකාරිතං
සුචේතියං ජේතවනං නමාමි
--------------------------------------------------------------------------------------------------------------------------------
සෛල චෛත්යය - Sela Chaithiyaමෙම චෛත්යය ක්රි:ව: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත.මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්රකටව ඇත.
වන්දනා ගාථාව ( Sela Chaithiya Wandana Gathawa)
සසාවකෝ යත්ත නිසජ්ජ සත්ථා
වරං සමාපත්ති සුඛං පවින්දි
ධාතුං පතට්ඨාපිත මුණ්ණරෝමං
සිලාමහාථූපමහං නමාමි
--------------------------------------------------------------------------------------------------------------------------------
godak isthuthi
ReplyDeleteබුදු සරණයි ඔබට෴
ReplyDeleteබුදු සරණයි ඔබට
ReplyDelete